HomeNewsTechnologyමෝටර් රථ සේවා වෙනුවෙන් mymech වෙතින් ඩිජිටල් වේදීකාවක්

මෝටර් රථ සේවා වෙනුවෙන් mymech වෙතින් ඩිජිටල් වේදීකාවක්

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

මෝටර් රථ සේවා කටයුතු හා කාර්මික සේවය කඩිනමින්, වඩාත් විශ්වාසනීය හා කාර්යක්ෂම ලෙස සිදුකර ගැනීමට මෝටර් රථ හිමි කරුවන් සදහා සකස් කරන ලද පළමු ශ්‍රී ලාංකීය ඩිජිටල් වේදීකාව වන “ඔටෝ කෙයාර් හබ් සේවාව” ශ්‍රී ලංකාව පුරා දීප ව්‍යාප්තව සිය මෙහෙයුම් ජාලය ක්‍රියාත්මක කර ඇති බව mymech ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරි මොහොමඩ් අෆ්සාල් මහතා සඳහන් කරයි.

මෝටර් රථ සේවාවන් හා කාර්මික සේවාවන් බලාපොරොත්තු වන පාරිභෝගිකයින් තුළ විශ්වාසනීයත්වය, ආරක්ෂාව හා කාර්යක්ෂමතාවය ගොඩනැගීම තුළින් ශ්‍රී ලංකාවේ වාහන සත්කාරක මධ්‍යස්ථානය බවට mymech පත්විමේ ඉලක්කය අරමුණු කොට සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවනු ලබයි.

වාහන සත්කාර කර්මාන්තයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ගොඩනැගීම, සාධාරණ සහ විනිවිදභාවය සහතික කිරිම තුළින් අඛණ්ඩ සේවාවක් ලබා දීම, සෑම පාර්ශවකරුවෙකුටම නිසි සැලකිල්ලෙන් හා ගෞරවයෙන් සැලකීම, නව්‍යතාවය හරහා වාහන සත්කාර කර්මාන්තයේ පරීවර්තනීය වෙනසක් ඇතිකිරීම, සමාජය හා ස්වභාවධර්මය සමග කටයුතු කිරීම යන මූලික අරමුණ පෙරදැරිව සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනු ලබයි.

mymech විසින් මෝටර් රථ හිමිකරුවන් සහ විශ්වාසනීය යාන්ත්‍රික/ගරාජ් හවුල්කරුවන් ඒකාබද්ධ වේදිකාවකට සම්බන්ධ කිරීම සිදු කෙරේ. හදිසි කාර් බිඳවැටීමක්, මෝටර් රථ නඩත්තුව, මෝටර් රථ පරීක්ෂාව සහ කාර් ස්පා වැනි ඕනෑම මෝටර් රථ ආරක්ෂණ අවශ්‍යතා සඳහා හොඳම මෝටර් රථ කාර්මික ශිල්පීන් සොයා ගත හැකි මෝටර් රථ හිමිකරුවන් සඳහා විශ්වාසදායක වේදීකාවක් ගොඩනැගීම, කාලය හා ශක්තිය පහසුවෙන් අඩු කර ගනිමින් මෝටර් රථ අමතර කොටස් සෙවීම සහ මිලදී ගැනීම සඳහා විශේෂඥ ඊ-වාණිජ්‍ය වෙබ් අඩවියක් ද ඩිජිටල් වේදිකාවට ඇතුළත් වේ.

සේවා කාණ්ඩ කිහිපයක් යටතේ සිය සේවාවන් දීප ව්‍යාප්ත කර තිබේ. අදාළ සේවා ලබා දීමේ පහසුව වෙනුවෙන් යාන්ත්‍රික හෝ වාහන කාර්මික හවුල්කරුවන්ගේ ජාලයට ක්ෂණිකව සේවය ලබා දීම, සරල කාර් සේදීමක්, සංකීර්ණ එන්ජින් අලුත්වැඩියාවක්, සාමාන්‍ය මෝටර් රථ නඩත්තුවක් හෝ බිඳවැටීමක්, මෝටර් රථ සේවා වේදිකාව තුළ මෝටර් රථ බිඳවැටීම, මෝටර් රථ නඩත්තු කිරීම, කාර් ස්පා සහ මෝටර් රථ පරීක්ෂාව ලෙස මෙය වර්ගීකරණය කර ඇත.

සිය මෝටර් රථය හදිසි බිඳවැටීමකදී මෝටර් රථ හිමිකරුට මෝටර් රථය හඳුනා ගැනීමට, ඉක්මනින් සේවා කටයුතු ආරම්භ කිරීමට හෝ මෝටර් රථය ඇදගෙන යාමට කාර්මික සේවාව ලබා දීම සිදු කරනු ලැබේ. මෝටර් රථ නඩත්තු කිරීමේ සේවාව යටතේ මෝටර් රථය හොඳ තත්ත්වයේ පවතින බව සහතික කිරීම සහ පිරිවැය අවම කිරීම සඳහා නිතිපතා නඩත්තු කිරීම ඉතා වැදගත් වේ. තෙල් වෙනස් කිරීම, සම්ප්‍රේෂණ අලුත්වැඩියාව, දෙමුහුන් අළුත්වැඩියා කිරීම යනාදිය සඳහා නඩත්තු කිරීම සඳහා සාධාරණ මිලක් සහිත කාර්මිකයෙකු හෝ ගරාජ හවුල්කරුවෙකු පහසුවෙන් සම්බන්ධ කරලීම, කාර් ස්පා යටතේ පාරිභෝගිකයාගේ මෝටර් රථයට ආකර්ශනීය පෙනුමක් ලබා දීම සදහා කාර් සේදීම, අභ්‍යන්තර හෝ බාහිර පින්තාරු කිරීම සහ ටින්කර් සේවාව මීට ඇතුළත් වේ.

මෝටර් රථ පරීක්ෂා කිරීමේ සේවාව යටතේ මෝටර් රථයක් මිලදී ගැනීමේ තීරණයට පෙර මිලදී ගැනීමේ පරීක්‍ෂණයේ විශේෂඥයකු විසින් පිරිනමනු ලබන mymech මෝටර් රථ පරීක්‍ෂණ සේවාව සමඟ ඵලදායී සේවාවක් සහතික කර ඔබ මිලදී ගන්නා සිහින මෝටර් රථය පිළිබද අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මීට අමතරව ඕනෑම ජපන් මෝටර් රථ වෙන්දේසියකින් මෝටර් රථය මිලදී ගත්තේ නම් mymech මෝටර් රථ ඉතිහාස වාර්තාවක් ද ඉදිරිපත් කරයි.

සෑම කාර්මිකයෙකුම හෝ ගරාජ් හවුල්කරුවෙකුම විශ්වාසවන්ත සේවාවක් සහ වෘත්තීයභාවය අගය කිරීම හා සහතික කිරීමේ මෙහෙවර මත අවශ්‍ය සේවාවන් ලබා දීමට කටයුුතු කරනු ලැබේ. පිරිනමනු ලබන සෑම සේවාවක්ම එක් එක් කාර්මිකයාගේ හෝ ගරාජ් හවුල්කරුගේ විශේෂඥභාවය මත පදනම්ව මිල නියම කර ඇති අතර තම මුදලට ගැලපෙන හොඳම දේ සොයා ගැනීමට මෝටර් රථ හිමිකරුට පූර්ණ නිදහස ඇත.

මේ සියළු පහසුකම් එකම තැනකින් ලබා දීම සදහා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය යටතේ මොරටුව හා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන්ගේ දැනුමෙන් ජංගම යෙදුම ඇතුළු ඩිජිටල් වේදීකාව නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙනි. මෝටර් රථ හිමියෙකුට සරල පියවර කිහිපයකින් mymech වෙත පහසුවෙන් ලියාපදිංචි විය හැකිය. ඔවුන්ට මෙම ජංගම යෙදුම හරහා ලංකාවේ ඕනෑම ස්ථානයක සිට සිය සේවාව වෙන්කරවා ගත හැකි අතර අවසාන ගෙවීම අන්තර්ජාලය හරහා සිදු කිරීමට පහසුකම් සලසා ඇත.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here