Homeවිදෙස් පුවත්දේශපාලන පුවත්අලි සබ්‍රි, මංගල ගැන කී කවුරුත් නොකී කතාව..!

අලි සබ්‍රි, මංගල ගැන කී කවුරුත් නොකී කතාව..!

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ අවසන් කතාව කළේ විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි

සිය කතාව නිමා කළේ මංගල සමරවීර ගැන විපක්ෂය නොකියන කතාවක් කියමිනි.

තමන් විටෙක එකඟ නොවුනත් ඔහු කී කතා මොනතරම් ප්‍රායෝගික වී දැයි දක්වමින් අලි සබ්‍රි කී කතාව මෙසේය.

”මංගල සමරවීර මැතිතුමා අවස්ථා කීපයකදී කළ විවිධ ප්‍රකාශවලට සමහර විට අපි හිනා වුනා. එකඟ වුනේ නෑ. සමහර දේවල් අපි පිලිගත්තා. ”


”එක දෙයක් එක්ක අපි දිගටම එතුමත් එක්ක එකඟවුනා. එතුමා කිව්වා මේ රටේ සිංහල දරුවටයි, මුස්ලිම් දරුවටයි, දෙමළ දරුවටයි මේ මගේ රට කියලා ඔහුගේ හිතට දැනෙන තුරු අපට සැබෑ සංහිඳියාවක් හොයා ගන්නට බෑ. සැබෑ සංහිඳියාවක් නැතිතාක් රට දියුණු කරන්න බෑ කියන එක. අපි ඒකට එකඟ වුනා.”


” එතුමා ඒ කාලේ ඉන්ධන මිල සූත්‍රයක් ගෙනාව. අපි ඒකට හිනා වුනා. නමුත් අපිට සිද්ධ වෙලා තියනවා ඒක අයෙ ගේන්න.”

” ඒ හා සමානවම බදු ප්‍රතිපත්තිය වෙනස් කරනකොට එතුමා ට්විටර් එකකින් කිව්වා මේ බදු ප්‍රතිපත්තිය ඉතාම භායානකයි. ඉදිරියේදී  ලංකාව වෙනිසියුලාව වගේ වෙන්න ඉඩ තියනවා කියලා. ඒකත් යම් ප්‍රමාණයකට සත්‍ය වෙලා තියනවා.”

“හැබැයි තව එක දෙයක් කිව්වා ( විපක්ෂය දෙසට බලමින්) මේ ගොල්ලො කියන්නෙ නැති. මංගල මෙහෙම කිව්වා. 2020 වර්ෂයේ ඡන්දයෙන් පස්සෙ එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම අයින්වෙලා ගියා. දැනට ඉන්න ජනාධිපති තුමා පැරදුනා. හැමෝම හිතුවා එතුමාගෙ දේශපාලන ජීවිතය ඉවරයි කියලා. “

”එතුමගෙන් ඇහුවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන මොකක්ද කියන්න තියෙන්නෙ කියලා. මංගල නොකියා කිව්වා “ලංකාවෙ මිනිස්සු දැනගනී කවද හරි ලංකාවෙ සිටිය යුතුව තිබූ ජනාධිපති කෙනෙක් කවදාවත් ජනාධිපති නොවුණු“ කියලා.

නමුත් දෛවයේ හාස්කමකින් හෝ කවදාවත් ජනාධිපති නොවෙයි කියලා හිතපු ඒ ජනාධිපති තුමා අද ජනාධිපති වෙලා තියනවා. මතක තියාගන්න ඒ වෙලා තියෙන්නේ එතුමාට මේ අවස්ථාවේ ඒ අභියෝගය භාරගන්න හැකි හින්දා.  ඒ අභියෝගය තුළ මේ රටේ හැරවුම් ලක්ෂය තීරණය වෙනවා.”

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here