නවදිල්ලි අධිකරණයට ඉදිරිපත් වූ බොලිවුඩ් රංගන ශිල්පිණි ජැකලින් ෆර්නැන්ඩස්ට අදත්(10) ඇප ලබාදී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තාවකාලික ඇප මත සිටින ඇයට හෙට(11) ස්ථිර ඇප ලැබෙනු ඇති බව එම මාධ්‍ය වාර්තාවල දැක්වේ..
එමෙන්ම, ඇප ලබාදීමට විරුද්ධ වූ විමර්ශන නිලධාරීන් නවදිල්ලි අධිකරණයේදී දැඩි ප්‍රශ්නකිරීමට ලක්ව ඇත.
විනිසුරුවරයා විමසුවේ, අනෙක් චූදිතයන් බන්ධනාගාරගතව සිටියදී ජැකලින් ෆර්ඩිනැන්ඩස් මෙතෙක් අත්අඩංගුවට නොගෙන තෝරා බේරාගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිද යන්නයි.
ඇප ලබාදීමට එරෙහිව විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන තර්ක වූයේ ඇය රටින් පලා යාමට උත්සාහ කිරීම සහ විමර්ශකයන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීමයි.
ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන ඒජන්සිය ජැකලින් ෆර්ඩිනැන්ඩස් රටින් පිටවීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොලවල නිරීක්ෂණ ලේඛනයට ඇතුළත් කර තිබේ.
ෆර්ඩිනැන්ඩස් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සිධාර්ත් අග්ගර්වාල් මෙහිදී කියා සිටියේ ඇය දෙවරක් ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටි බවත් විත්තිකාරියක් ලෙස නම් නොකළ බවත්ය.
ජැකලින් ෆර්ඩිනැන්ඩස්, ඉන්දීය රුපියල් කෝටි 200 ක කප්පම් චෝදනාවකට බන්ධනාගාරගතව සිටින සුකේෂ් චන්ද්‍රශේකර් ට එරෙහි නඩුවේ විත්තිකාරියකි.
ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණන් කප්පම් ගත් සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් සුඛෝපභෝගී මෝටර් රථ, පෞද්ගලික ජෙට් චාරිකා, හෝටල් නවාතැන්, ස්වර්ණාභරණ ඇතුළු මිල අධික තෑගි ලබා ගත් බවට ඇයට චෝදනා එල්ල වී .තිබේ.