HomeGOSSIPයෝධ ගෝල්ඩ් ෆිෂ් මත්සයෙක් හමුවෙයි - ඇතැමුන් "රකුසෙක්" කියයි

යෝධ ගෝල්ඩ් ෆිෂ් මත්සයෙක් හමුවෙයි – ඇතැමුන් “රකුසෙක්” කියයි

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

ධීවරයෙක්වන ඇන්ඩි හැකට් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ප්‍රංශයේ සංචාරයක යෙදී සිටිය දී ඉතා දැවන්ත ගෝල්ඩ් ෆිෂ් මත්සයෙක් අල්ලා ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම යෝධ තැඹිලි පාට ගොල්ඩ් ෆිෂ් ‘ද කැරට්’ ලෙස නම් කර ඇති බවයි.

මෙම මත්ස්‍යයා රාත්තල් 70කට ආසන්න බරකින් යුක්ත බව සදහන් වේ. 42 හැවිරිදි ඇන්ඩි හැකට් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ප්‍රංශයේ ‘බ්ලූ වෝටර්’ විලේ මසුන් අල්ලමින් සිටියදී මෙම මාළුවා අසු වී තිබේ.

සමාජ මාධ්‍යවල ඇතැමුන් මෙම මත්ස්‍යාව “රකුසෙක්” ලෙස හදුන්වා ඇත.

මෙම කැරට් නමින් හැදින්වෙන මත්ස්‍යයා කෝයි සහ ලෙදර් කාෆ් මසුන් දෙවර්ගයේ දෙමුහුම් ප්‍රභේදයකට අයිති බව සදහන් කෙරේ.

මෙම මාළුවා අල්ලා ගැනීම සඳහා විනාඩි 25 ක් පමණ වෙහෙස වීමට සිදු වූ බව ඇන්ඩි ප්‍රකාශ කර ඇත.

තවමත් මෙය නිල ලෝක වාර්තාවක් නොවූවත් ලෝක වාර්තාව උසුලන මාළුවාට වඩා කිලෝ ග්‍රෑම් 13ක් බරින් වැඩි බැවින් මෙම මාළුවාට පවතින ලෝක වාර්තාව බිඳ දැමිය හැකි බව නිව්යෝර්ක් පොස්ට් පුවත්පත පෙන්වා දී තිබේ.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here