එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2022 නොවැම්බර් 30 දින පස්වරුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවා ඇති විධායක සභා රැස්වීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.
“තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තමා බවත් මෙවැනි රැස්වීමක් කැඳවීමට බලය ඇත්තේ තමාට පමණක් බවත් එසේ හෙයින් අදාළ රැස්වීම පැවැත්වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහින්ද අමරවීර මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.
