Homeඋණුසුම් පුවත්ලොව හොඳම සංචාරක ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව

ලොව හොඳම සංචාරක ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

පසුබෑමට ලක්ව තිබෙන මෙරට සංචාරක කර්මාන්තයට යහපත් බලාපොරොත්තු ඇති කරමින් ලොව හොඳම සංචාරක ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ.

ලොව පුරා සංචාරය කරන්නන් අතර අතිශය ජනප්‍රිය ජර්මානු සංචාරක සඟරාවක් වන කෝඩි නාස්ට් ට්‍රැවලර් (Condé Nast Traveller) සඟරාව විසින් පවත් පවත්වන ලද පාඨක ඡන්ද විමසීමක ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාව ලොව සංචාරය කිරීමට සුදුසු හොඳම රටවල් 20 අතරට තේරී පත්ව ඇතැයි වාර්තා වෙයි.

මෙම පාඨක සමීක්ෂණය අනුව ලද ප්‍රසාද ලකුණු ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ රැඳී ඇත්තේ 17 වැනි ස්ථානයේ වන අතර මෙම සඟරාව විසින් කරන ලද මත විමසුම අනුව ලොව හොඳම සංචාරක ගමනාන්ත තුන ලෙස තෝරාගෙන ඇත්තේ පෘතුගාලය, ජපානය සහ තායිලන්තය යන රටවල් බවද එම වාර්තා පෙන්වා දෙයි. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පහළින් ඊශ්‍රායලය, තුර්කිය සහ දකුණු අප්‍රිකාව රැඳී සිටී.

ශ්‍රී ලංකාව එලෙස වර්ග කිරීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳ මෙම සඟරාව මෙලෙස කෙටි සටහනක් දක්වා තිබෙන අතර Òබටහිර වර්ජීනියා ප්‍රාන්තයට වඩා මඳක් විශාල කඳුළු බිංදුවක හැඩැති දූපතක් වන මෙම දකුණු ආසියාතික ජාතිය, මෙම කුඩා රට තුළ ඔබට අත්දැකීම් සමුදායක් අසුරා තිබෙනවා. ඇස් කම්පනය වන හරිත පැහැයෙන් යුත් උස් තේ වතු, අලස වලසුන් සහ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති අලි ගැවසෙන ජාතික වනෝද්‍යාන සහ මිත්‍රශීලි ඉන්දියානු සාගරයේ රළ පහරක් ගැන සිතන්න.

මීට වසර 10කට පෙර කොස්ටාරිකාව හෝ නිකරගුවාව ඔබට මතක් කර දිය හැකි නගර, ඉන්පසු කොළඹ අගනුවර, ඔබට දේශීය කුළුබඩු සඳහා සාප්පු යෑමට, දිය ඉවුර දිගේ සරුංගල් පියාසර කිරීමට හෝ යාත්‍රාවක් කුලියට ගැනීමට හැකිය.

එය 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සිට වසංගතය දක්වා අභියෝග කිහිපයකට මුහුණ දී ඇති අතර, ගෝලීය සංචාරක තරගකරුවකු ලෙස සිය ස්ථානය සුරක්ෂිත කර ගැනීමට ශ්‍රී ලංකාව මෑත වසරවල කටයුතු කර ඇති හෙයින්, එහි වෙ‍ෙළඳ ලකුණ වන ආගන්තුක සත්කාරය හරහා අමුත්තන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමට අපේක්ෂා කරයි. එමෙන්ම දිනෙන් දින පුළුල් වන හොඳ තත්ත්වයේ නව හෝටල් සහ නිවාඩු නිකේතනවල ලැයිස්තුව ද ඔබ අමතක නොකළ යුතුයි යනුවෙන් සඳහන් කර තිබේ.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here