ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna Loa) ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසර 40කට පසු ප්‍රථමවරට මෙම ගිනිකන්ද විධාරණය වී ඇති බවයි.
ගිනි කන්ද පිහිටි අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මේ වන විට අනතුරු අඟවා තිබෙනවා.
ඒ අළු වැටීමේ අවධානම හේතුවෙන්.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය දන්වා ඇත්තේ ගිනි කන්දේ ස්වභාවය ක්ෂණිකව වෙනස් විය හැකි බවයි.
ගිනිකන්දේ තත්ත්වය ඉතා අවධානම් තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දුපතේ වැඩි භූමි ප්‍රමාණයක් පිහිටා තිබෙනවා.