Homeඋණුසුම් පුවත්ප්‍රධාන පුවතලොකු ලූණු මිලට සහනයක්

ලොකු ලූණු මිලට සහනයක්

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව පසුගියදා (24) රැස් වූ අවස්ථාවේදී නිර්දේශ කෙරිණි.

ඒ අනුව වෙළඳපොලේ ලොකු ලූණු මිල දී ගැනීමේ හැකියාව වැඩි වීම, ලොකු ලූණු මිල අඩු කිරීමට පිටිවහලක් වනු ඇත.

ලොකු ලූණු සඳහා ජාතික අවශ්‍යතාවය වසරකට මෙට්‍ර්ක් ටොන් 300,000 ක් පමණ වන අතර එම අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් සපුරාලනු ලබන්නේ ආනයන (86%) මගිනි. ඒ අනුව, ලොකු ලූණුවල ස්වයංපූරිත අනුපාතය වාර්ෂික අවශ්‍යතාවයෙන් 14% කි. නොවැම්බර් මස තුන්වන සතිය වන විට ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක සිල්ලර මිල රු. 290 – 390 අතරත්, දේශීය ලොකු ලූණු කිලෝග්‍රැමයක මිල රු.340 – රු.400 අතරත් විචලනය විය. නොවැම්බර් මස තුන්වන සතිය තුළ ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක සාමාන්‍ය මි.ර.ගැ.මිල (CIF අගය) රු. 95.30ක් වූ අතර, 2022 අගෝස්තු මැද සිට එකී මිල ගණන්වල සාපේක්ෂ සාමාන්‍ය වැඩිවීමක් පමණක් පෙන්නුම් කර ඇත

2022 වර්ෂයේ සැප්තැම්බර් මස 22 වැනි දින සිට රජය විසින් ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා අදාළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) රු. 10/- සිට රු. 50/- දක්වා වැඩි කරන ලදී. ඉන් අනතුරුව, ලොකු ලූණු ආනයනය විශාල ලෙස පහත වැටෙන්නට විය. අගෝස්තු මාසය තුළ මෙට්‍ර්ක් ටොන් 27,889 ක් වූ ලොකු ලූණු ආනයන ප්‍රමාණය නොවැම්බර් මස (තෙවන සතිය වන විට) මෙට්‍ර්ක් ටොන් 13,496 දක්වා පහත වැටුණි. මෙම පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, අගෝස්තු මාසය තුළ කිලෝග්‍රෑමයක් රු. 175ක් පමණ වූ ආනයනික ලොකු ළූණු මිල නොවැම්බර් මස තෙවන සතිය වන විට රු. 328 දක්වා ඉහළ යාමට හේතු විය. එසේ වුවද, නොවැම්බර් 22 වැනි දින සිට ලොක ලූණු කිලෝග්‍රෑමයක මිල රු. 250 දක්වා තියුණු පහත වැටීමක් පෙන්වා ඇති නමුත්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාතය (SCL) වැඩිවීම තෙක් වූ කාලපරිච්ඡේදයට සාපේක්ෂව මිල තවමත් ඉහළ මට්ටමක පවතී.

අගෝස්තු මාසයේ සිට ආනයනික ලොකු ලූණුවල මි.ර.ගැ. මිල (CIF අගය) ඉහළ ගොස් ඇත්තේ සුළු වශයෙන් පමණක් වන අතර , මෙම හදිසි මිල ඉහළ යාමට හේතුව විය හැක්කේ සැප්තැම්බර් මාසයේදී සිදුවූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු (SCL) අනුපාතයේ වැඩි වීමයි.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here