Homeඋණුසුම් පුවත්මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවීමේ තර්ජනයට

මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවීමේ තර්ජනයට

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

ශ්‍රී ලංකාවේ පක්ෂින්ගේ සංරක්ෂිත තත්තවය පිළිබඳ යාවත්කාලීන කරන ලද රතු දත්ත ලේඛනය-2021 එළි දැක්වීම සිදුවිය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එය සිදු කෙරුණි.

මෙම අවස්ථාවට සහභාගි වු අමාත්‍ය නසීර් අහමඩ් මහතා පරිසර පද්ධතිය රැක ගැනීම අප කාගෙත් වගකීමයි.ඒ වගකීම පුරවැසියන් ලෙස අපි හැමෝටම පැවරිලා තියෙන් දෙයක්.අප රටට ආවේණික පක්ෂීන් රැක ගැනීම මුලික කරුණයක් ලෙස මම හිතනවා.රතු ලැයිස්තුව ජිවි විශේෂයක පැවැත්මට අභ්‍යන්තර හා බාහිර සාධක බොහෝමයක් සැලකිල්ලට ගන්නා තක්සේවරුවක් නිසාම ජිවි විශේෂයක සෞඛ්‍ය පිළිබඳ හොඳම දර්ශකවලින් එකකි.ඒ නිසාම රතු ලැයිස්තුව සංරක්ෂණ ක්‍රියාවන් සැළසුම් කිරිමට මෙන්ම ස්වභාවික සම්පත් කළමනාකාරිත්වයේ සඵලතාවය අධික්ෂණය කිරිමේ දර්ශකයක් ලෙසද රතු ලැයිස්තුව පෙන්වා දිය හැකි බව පැවසීය. පරිසරය සුරක්ෂිත කිරිමට පක්ෂීන් මෙන්ම වන සම්පත ආරක්ෂා කිරිමටත් රජය මගින් ලැබිය යුතු පුර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින්,ශ්‍රි ලංකාව වැනි කුඩා දිවයිනක ජිවත්වන පක්ෂින් වෙනුවෙන් මෙවැනි සංරක්ෂණ ක්‍රියාවක් දියත් කිරිම වටිනා කාර්යක් බවත්,පක්ෂින්ගේ තක්සේරු කරන ලද විශේෂ 244න් විශේෂ 81ක් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති බවත්,තර්ජනයට ලක් වු හා අවදානම් ,තර්ජනයට ලක් වීමට ආසන්න පක්ෂින් පිළිබඳ ඇතුළත් දත්ත රතු ලැයිස්තුව මගින් ඉදිරිපත් කිරිම වටිනා කාර්යක් ලෙස පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින් පක්ෂින් ගේ වඳවිමේ තර්ජනයට ලක් වු විශේෂවල ගහනය යථා තත්තවය පත් කිරිම සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක කිරිමටත්,පර්යේෂණ න්‍යාය පත්‍රයක් පිළියෙළ කිරිම,ආදාල ක්ෂේත්‍රවල ක්‍රියාකාරි සැළසුම් ක්‍රියාත්මක කිරිමට ඉදිරියේ දී ක්‍රියා කිරිමට උත්සහ ගන්නා බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහාචාර්ය දේවක වීරකොන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා කාර්ය මණ්ඩය සහභාගි විය.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here