Homeඋණුසුම් පුවත්අල්ලස් හා දූෂණ පිළිබඳ නව ස්වාධීන කොමිෂන් සභාවක් !

අල්ලස් හා දූෂණ පිළිබඳ නව ස්වාධීන කොමිෂන් සභාවක් !

Date:

Related stories

අම්මලා තාත්තලාගේ අවදානයට…මත්ද්‍රව්‍ය සහිත ලොලිපොප් වෙළෙඳපොළේ

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා...

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි මවුනා ලෝවා(Mauna...

භික්ෂුන් වහන්සේලා සිවුරු හැරියොත් ගිහි නමට උපාධි සහතිකය නෑ

භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම...

ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය...

කුෂාන් 13වැනිදා තෙක් රිමාන්ඩ්

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය...

පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු කෙරේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

අල්ලස්, දූෂණ සහ වංචා වැලැක්වීමට විධිමත් ආයතනික ව්‍යුහයක් නිර්මාණය කර අවශ්‍ය බලතල ලබාදීමට අපොහොසත් වීම නිසා රටේ පවතින සියලුම අල්ලස් හා දූෂණ චෝදනා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට එල්ල වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කමිටුව දැනුවත් කළේය. යෝජිත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකියනු ඇති බවත් කොමිෂන් සභාව සිය ප්‍රගති වාර්තාව මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු මෙහිදී පවසා සිටියේය.

කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ලෙස නීති, වෝහාරික විගණන, ගිණුම්කරණය, ඉංජිනේරු, ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික සේවය, රාජ්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රවල වසර 20 කට වැඩි පළපුරුද්ද සහිත පුද්ගලයන් පත් කිරීමට ද පනත් කෙටුම්පතේ යෝජනා කර ඇත. කොමසාරිස්වරුන් පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය ඇතිව ජනාධිපතිවරයා විසිනි. ඊට අමතරව මෙම කොමිෂන් සභාව සඳහා මුදල් වෙන් කිරීම පාර්ලිමේන්තුව හරහා ඍජුව සිදු කළ යුතු බවද නීතීඥ ජයමාන්න සඳහන් කළේය.

එසේම වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාගැනීමට සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට වෙනම අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීමට ද කෙටුම්පත යෝජනා කර ඇත. පනත් කෙටුම්පතට අනුව රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් හැර දූෂණය සහ අල්ලස වැඩි වශයෙන් සිදුවන ක්ෂේත්‍රවල පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයාට රෙගුලාසි සෑදීමේ හැකියාවද පවතින බව සඳහන් විය. රජයේ වැදගත් දෙපාර්තමේන්තු මෙම කාර්යාලය සමඟ අන්තර්ජාලය හරහා සම්බන්ධ වී ඇති බැවින් වත්කම් බැරකම් පිළිබඳ විමසීම් පහසුවෙන් සිදු කළ හැකි බවද ජයමාන්න මහතා පැවසීය.

රාජ්‍ය අංශයේ දූෂණ වංචා පමණක් නොව පෞද්ගලික අංශය, ක්‍රීඩා ක්ෂේත්‍රය ආදී අංශවල අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ප්‍රතිපාදන ද ඊට ඇතුළත් බව මෙහිදී සාකච්ඡා විය. අල්ලස් වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

යෝජිත පනත් කෙටුම්පතට අදාළව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකච්ඡා කොට සුදුසු සංශෝධන සිදුකිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිත “බදු පදනම මත ලබා දී ඇති පරිශ්‍රයන්හි සන්තකය නැවත අත්පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන)” පනත් ‍කෙටුම්පත පිළිබඳවද අමාත්‍යවරයා කමිටුව දැනුවත් කළේය. සාමාන්‍ය කුලී සහ නෙරපීමේ නඩු කටයුතුවලදී ඇතිවන නීතියේ ප්‍රමාදයයන් මැඩපවත්වමින් ඉතා කෙටි කාලයක් තුළදී බදු දීමනාකරුට සහන ප්‍රදානය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම පනත් කෙටුම්පත මගින් කඩිනම් සහ කාර්යක්ෂම ක්‍රියාදාමයක් හදුන්වා දී ඇති අතර නොතාරිස්වරයෙකු ඉදිරියේ විධිමත් පරිදි ලියා අත්සන් කළ බදු ගිවිසුමක් මත බද්දට ලබා දී ඇති පරිශ්‍රවල බදු කාල සීමාවන් ඉක්මවා දිගු කලක් රැදී සිටින බදු ගැනුම්කරුවන් නෙරපීමටද මෙමගින් විධිවිධාන සලසා ඇත.

එමෙන්ම 2022 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් පනවන ලද 2022 ඔක්තෝබර් 12 දිනැති අංක 2301/33 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සලකා බලා අනුමත කිරීමද මෙහිදී සිදුවිය.

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Latest stories

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here